Wednesday, May 8, 2024

General line - 0115112241

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් CID නිලධාරියා රිමාන්ඞ්

අධිකරණ වාර්තාකරු




ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 80,000ක අල්ලසක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගැනුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයා මේ මස 22වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි.

චෙක්පත් වංචාවකට සම්බන්ධ ව්‍යාපාරිකයෙකුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා නොකර සිටීමට සැකකරු විසින් අදාළ ව්‍යාපාරිකයාගෙන් රුපියල් පන් ලක්ෂ දහතුන් දහසක මුදලක් ලබා ගෙන ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා. ඉන් අනතුරුව මාලිගාකන්ද මහේස්ත‍්‍රාත්වරයාට ලබා දීමට යැයි පවසා තවත් රුපියල් 80,000ක මුදලක් එම ව්‍යාපාරිකයාගෙන් ලබා ගන්නා අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේ.