Thursday, May 2, 2024

General line - 0115112241

බොයිං ගුවන් යානා ගැන ගැටලුකාරී තත්ත්වයක්

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකානු ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන බෝයිං සමාගම මේ වනවිට ගැටළුකාරී තත්වයකට පත්ව තිබෙනවා.

ඒ, ඔවුන් නිෂ්පාදනය කළ ගුවන් යානා කිහිපයක් මෑත කාලයේ අනතුරට ලක්වීමත් සමගයි.

ඉතියෝපියාවේදී ඊයේ (10) අනතුරට ලක්වූයේ ද බෝයිං වර්ගයේ ගුවන් යානයක්. එහි ගමන්ගත් 157 දෙනාම අනතුරෙන් ජීවතක්ෂයට පත්වුණා. ඉතියෝපියානු බලධාරීන් පවසන්නේ මීට මාස 06කට පමණ පෙර මිල දී ගත් ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි. 

මාස 05ක් වැනි කෙටි කාලයක් තුළ බෝයිං වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්වූ දෙවන අවස්ථාව මෙයයි. ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ දී ද ඉන්දුනීසියාවේ දී බෝයිං වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්වුණා. එහිදී ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 189 දෙනෙක්.