දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග ඊයේ පැවැති 03වන එක්දින තරගයේ වර්ෂාවෙන් පසු ශ‍්‍රී ලංකාවට ලැබුණු ඉලක්කය අසීරු එක්ක බව නායක ලසිත් මාලිංග පැවසුවා. ඔහු මේ බව සඳහන් කළේ තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ කාලයේදී ලකුණු 300-310ක් වන්නේ අද තරගයක සාමාන්‍ය දෙයක්. නමුත් අපේ අතින් අවසන් පන්දුවාර කිහිපයේදී උඩ පන්දු දෙකක් ගිලිහි ගිය නිසා වැඩිපුර ලකුණු 20-30 දකුණු අප්‍රිකාවට රැස් කර ගන්න හැකියාව ලැබුනා. නමුත් අපිට වැස්සෙන් පස්සේ ලැබුණු ඉලක්කය ලේසි පහසු එකක් උනේ නැහැ. කඩුලු දෙකක් දැවී ගිහින් තියෙද්දී ඕෂද සහ කුසල් ජනිත් හොද සම්බන්ධතාවයක් පවත්වාගෙන ආවා. නමුත් අපිට තිබ්බ ඉලක්කය එක්ක විකට්ටුව ගැන සිතන්නේ නැතුව පහරවල් කරා යන්න සිද්ධ උනා. ඒ නිසා අපිට තරගය පරදින්න සිදුවුනා යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කියා සිටියා.