Friday, May 10, 2024

General line - 0115112241

හෙට තරගයෙන් දික්වැල්ල ඉවතට ?

කසුන් කැලුම්




දකුණු අප්‍රිකාව සමඟ හෙට (13) පැවැත්වෙන සිව්වන එක්දින තරගයේ දී නිරෝෂන් දික්වැල්ල වෙනුවට උපුල් තරංග සමගින් අවිශ්ක ප්‍රනාන්දු ආරම්භ පිතිකරුවන් ලෙස පිටියට පිවිසෙනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. 

නිරෝෂන් දික්වැල්ල පිතිකරුවෙකු ලෙස අසාර්ථක වීම ඊට හේතුවයි. කෙසේ වෙතත් ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු Neth Sportsman වෙත කියා සිටියේ හෙට උදෑසන ඒ පිළිබඳව අවසන් තීරණය ගනු ඇති බවයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරනු ඇති බවයි දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන්නේ.