Thursday, May 2, 2024

General line - 0115112241

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තීරණාත්මක ඡන්දයකට සූදානම්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අද තවත් තීරණාත්මක ඡන්ද විමසීමකට සූදානම් වනවා.

ඒ, ‘‘බ්‍රෙක්සිට්’’ කි‍්‍රයාවලිය හෙවත් බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් වෙන්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන තුන්වන ඡන්ද විමසීම අද පවැත්වෙන බැවින්.  

මීට පෙර මේ සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ ගෙන ආ යෝජනා ද්විත්වයම පරාජයට පත්වුණා.

ඒ, ජනමත විචාරණයේදී බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්විය යුතු බවට ප‍්‍රකාශ වූ ජනතා මතය පාර්ලිමේන්තු සභිකයින් විසින් ප‍්‍රතික්ෂේප කිරීම හමුවේයි. 

කෙසේවෙතත් අද පැවැත්වෙන ඡුන්ද විමසීමෙන් ද අග‍්‍රාමාත්‍යවරිය ගෙන එන යෝජනාව පරාජයට පත් වනු ඇති බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ.

අවුරුදු 02ක කි‍්‍රයාවලියක් වන බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය මේ මස 29වනදායින් අවසන් වනවා.

ඒ අනුව 29වනදා රාතී‍්‍ර 11ට බි‍්‍රතාන්‍ය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් වෙන්වීමට නියමිතයි. එහෙත්, මේ දක්වා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ඊට අනුමැතිය ලබා දී නැහැ.

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් බහුතරයක් පවසන්නේ බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්විය යුතු වන්නේ විධිමත් ගිවිසුමකට අනුව බවයි.

යුරෝපා සංගමයෙන් වෙන්වීමට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අකමැති වුවත්, සිය රට යුරෝපයෙන් වෙන්විය යුතු බව 2016 ජූනි මස 25වනදා බි‍්‍රතාන්‍ය වැසියන් සියයට 51ක්, ජනමතවිචාරණයකින් තීරණය කර තිබුණා.