ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වහාම ක‍්‍රියාත්මක වන පරිදි ශ‍්‍රී ලංකාවට කැඳවීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
එහි උසස් නිලධාරියෙකු පැවසුවේ එක්දින තරගාවලිය නිම වීමෙන් පසු ඔහු ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගන්නා බවයි.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ආශ‍්‍රිතව මේ වනවිට පැන නැගී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි ප‍්‍රධාන අරමුණ වනවා.
ලෝක කුසලාන තරගාවලියට පෙර මෙම ප‍්‍රශ්න නිරාකරණය කර ගත යුතු බවයි ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත ප‍්‍රකාශ කළේ.
ප‍්‍රශ්න නොමැති කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියට එක් කිරීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අරමුණයි.
දකුණු අප‍්‍රිකානු එක්දින තරගාවලියේ පළමු තරග 04ම ශ‍්‍රී ලංකාව පරාජයට පත්වුණා. 05 වන සහ අවසන් එක්දින තරගය ලබන සෙනසුරාදා පැවැත්වෙනවා. දෙරට අතර තරග 03කින් සමන්විත පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ වන්නේ ලබන අඟහරුවාදායි. මෙම තරගාවලියෙන් පසු ලෝක කුසලානයට පෙර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ස්කොට්ලන්තය සමග එක්දින තරග 02කට ද සහභාගී වනවා.