Sunday, May 5, 2024

General line - 0115112241

ජනපති සහ කෙන්යාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර හමුවක්




කෙන්යාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඊයේ හමු වුණා. ඒ, නයිරෝබි නුවරදීයි. ආර්ථික වශයෙන් සමෘද්ධිමත් මෙන්ම විනය ගරුක සහ සදාචාරවත් අනාගත පරපුරක් සිටින යහපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩ නැගීමේ වැඩපිළිවෙල මේ වනවිට ක්‍රියාත්මක බවයි ජනාධිපතිවරයා එහිදි පවසා ඇත්තේ.

මේ වනවිට කෙන්යාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් එරට ඇගළුම්, උද්‍යාන විද්‍යාව, ජල විදුලිය හා මෝටර් රථ පිළිබද ක්‍ෂේත්‍රවල පුහුණු රැකියාවල සහ බොහෝ පිරිසක් ව්‍යාපාරික කටයුතුවල යෙදෙනවා. ඔවුන්ගේ ගැටළු සොයා බැලූ ජනාධිපතිවරයා ඊට ලබාදිය හැකි විසදුම් පිළිබද කඩිනමින් සොයා බලන බව ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.