Sunday, May 5, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ සිදුවූ කණගාටුදායක සිදුවීමක් ගැන විපක්ෂ නායකවරයා කතා කරයි

රවීන්ද්‍ර අබේසිරි




අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ජනාධිපතිවරයාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටීම කණගාටුදායක තත්ත්වයක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මාතලේ මුවන්දෙණිය ශ්‍රී ධර්මාලෝක විහාරස්ථානයේ අද (16) පැවැති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා. 

පසුගියදා කණගාටුදායක සිද්ධියක් උනා. මේ අයවැය ලේඛණය පරාජය කරන්න හැකියාව තිබුනා. නමුත් ජනාධිපතිවරයාගේ කණ්ඩායමේ බොහෝ දෙනෙක් ජන්දය විමසන අවස්ථාවේදී සිටියේ නැහැ. නමුත් වසන්ත පෙරේරා මන්ත්‍රීවරයා ඇතුළු සිවුදෙනෙක් ජනාධිපතිවරයාගේ තීරණය ගැන නොසිතා ජනතාව වෙනුවෙන් පෙනී හිදිමින් ජන්දය ලබා දුන්නා යැයි මෙහිද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියා.

ලොව සෙසු රටවල් ත්‍රස්තවාදී ක්‍රියාවලින් බියට පත් වෙමින් තිබියදී ශ්‍රි ලංකාව ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමට සිය රජයට හැකිවූ බව ද විපක්ෂ නායකවරයා එහිදී පෙන්වා දුන්නා.