Sunday, May 5, 2024

General line - 0115112241

ඇඹිළිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිට ධූරය අහිමිවෙයි

සමන්ත කුමාර / නිෂාන් ද සිල්වා




ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම් කේ අමිල එම තනතුරෙන් සහ මන්ත්‍රීධූරයෙන් ඉවත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.
ඒ, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එල්ල වූ චෝදනා අනුවයි. 

පනාමුර දඬුහැතැක්ම ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ඔහුට මීට පෙර මාස 03ක සිර දඬුවමක් ද නියම කෙරුණා.