Monday, April 29, 2024

General line - 0115112241

හතුරුසිංහ අදත් ක්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡාවක




ශ‍්‍රී ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කි‍්‍රකට් ප‍්‍රධානීන් අතර අද දිනයේද සාකච්ඡාවක් පැවැත්වෙනවා. 

ඒ, එළඹෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ඉලක්ක කර ගෙනයි. ඊයේ දිනයේද හතුරුසිංහ හා කි‍්‍රකට් බලධාරීන් අතර පැය එකහමාරක් පමණ කාලයක් සාකච්ඡා පැවැත්වුණා. එහිදී ද සාකච්ඡා කර තිබුණේ ලෝක කුසලාන සැලසුම් පිළිබඳවයි. 

අද පැවැත්වෙන සාකච්ඡාව සඳහා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු සාමාජිකයන්ද සහභාගී වීමට නියමිත බවයි නෙත් ස්පෝට්ස්මන් වෙත වාර්තා වුණේ. 

මේ අතර ශ‍්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර දෙවන පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් අද රාතී‍්‍ර 09යි 30ට ආරම්භ වනවා. තරග 03කින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ පළමු තරගය දකුණු අපි‍්‍රකාව ජය ගත් බැවින් අද තරගය දෙපිළටම තීරණාත්මකයි.