Monday, April 29, 2024

General line - 0115112241

20 වෙනි ආණ්ඩු ක්‍රම සංශෝධනය ගැන තීරණය පසුවට : අගමැතිවරයා ජවිපෙට කියයි

සමන්ත කුමාර




විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර සාකච්ජාවක් මීට නොබෝ වේලාවකට පෙර ආරම්භ වුණා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේ අග‍්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේදීයි. 

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊට එක්ව සිටින බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ.

එක්සත් ජාතික පෙරමුණේ සාමාජික පක්‍ෂ සමග සාකච්ජා කර ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය ඉදිරියේදී දැනුම් දෙන බව අග‍්‍රාමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කළ බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත කියාසිටියේ.