Monday, April 29, 2024

General line - 0115112241

තලෙයිමන්නාරම මුහුදේදී බීඩි කොල කිලෝ 1,500 ක් නාවික හමුදා භාරයට (PHOTOS)




බීඩි කොල කිලෝ ග‍්‍රෑම් 1547 කට අධික ප‍්‍රමාණයක් සමග පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා. ඒ, තලෙයිමන්නාරම මුහුදු ප‍්‍රදේශයේදීයි.

සැකකරුවන් එම බීඩි කොල තොගය ඩිංගි යාත‍්‍රාවක් මගින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එ්මට උත්සාය දරා ඇති බවටයි සැක පල කෙරෙන්නේ. මීට පෙර ද නාවික හමුදාව විසින් තලෙයි-මන්නාරම මුහුදු ප‍්‍රදේශයේ දී බීඩි කොල කිලෝග‍්‍රෑම් 2787කට වැඩි ප‍්‍රමාණයක් සිය භාරයට ගනු ලැබුවා.