Monday, April 29, 2024

General line - 0115112241

ව්‍යාජ ගුවන් බලපත‍්‍රයකින් මෙරටට පැමිණි ඉරාක ජාතිකයෙකු අත්අඩංගුවට

ටී කේ ජී කපිල - කටුනායක




ව්‍යාජ ගුවන් ගමන් බලපත‍්‍රයක් උපයෝගී කර ගනිමින් බි‍්‍රතාන්‍ය බලා යාමට උත්සාහ කළ ඉරාක ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ඉරාක ජාතිකයා ඩුබායි හරහා ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ ඇති බවයි අනාවරණ වී ඇත්තේ. සැකකරුගේ ගමන් බලපත‍්‍රය විශේෂ තාක්‍ෂණික උපකරණ මගින් පරීක්‍ෂා කිරීමේදී බි‍්‍රතාන්‍ය ගුවන් බලපත‍්‍ර සදහා යොදන ආරක්‍ෂිත උපක‍්‍රම ඒ තුළ නොවන බව අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව සැකකාර ඉරාක ජාතිකයා ඩුබායි වෙත පිටුවහල් කිරීමටයි ආගමන විගමන නිලධාරීන් පියවර ගෙන ඇත්තේ.