Monday, April 29, 2024

General line - 0115112241

කඩවත-මීරිගම අධිවේගී මාර්ගයේ පළමු අදියරට චීනයෙන් සහන ණයක්




කඩවත සිට මීරිගම දක්වා මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර සදහා අමෙරිකානු ඩොලර් මිලියන 989 ක සහනදායී ණය මුදලක් ලබාදීමට චීන අපනයන ආනයන බැංකුව එකඟතාව පළ කර තිබෙනවා. එය මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර සදහා වන කොන්ත‍්‍රාත් මුදලින් සියයට 85 ක් වන බවයි මුදල් අමාත්‍යාංශය පැවසුවේ. 

දේශීය වාණිජ බැංකුවල මූල්‍යමය දායකත්වයෙන් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන අදියර දැනටමත් ආරම්භ කර තිබෙනවා. චීන අපනයන ආනයන බැංකුව මගින් ලබාදෙන මෙම ණය පහසුකම හේතුවෙන් කුරුණෑගල දක්වා අධිවේගී මාර්ග ජාලයෙහි සම්බන්ධතාවය තහවුරු කරමින් කඩවත සිට මීරිගම දක්වා කොටස වේගවත්ව කි‍්‍රයාත්මක කිරීමට පහසුකම් සැලසෙනු ඇති. අදාළ ණය ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේදී අද (22) සිදු කෙරුණා.