Monday, April 29, 2024

General line - 0115112241

කොළඹ ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට හෙට පැය 24 ජලය කැපෙයි




කොළඹ ඇතුලූ තදාසන්න ප‍්‍රදේශ කිහිපයකට හෙට (30) පෙරවරු 09 සිට පැය 24කාලයක් ජල සැපයුම අත්හිටුවනවා. ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව යන නගර සභා බල ප‍්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. 

කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශ වලට, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස වලටද හෙට පෙරවරු 09 සිට පැය 24 කාලයක්  ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ.