Monday, April 29, 2024

General line - 0115112241

මුහුදු මාර්ගයෙන් ගිය ගමන වරදියි : නයිජිරියානුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට (PHOTOS)




ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවික හමුදාවේ භට පිරිසක් විසින් ඊයේ (31) සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස මන්නාරම් මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ නයිජිරියානු ජාතිකයින් හතර දෙනෙකු සහ ශ්‍රී ලාංකීකයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

තලෙයිමන්නරමට උතුරෙන් නාවික සැතපුම් 12 ක පමණ දුරකින් මෙම ‍සැක කටයුතු ඩිංගි යාත්‍රාව යාත්‍රා කරන බව මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා යාත්‍රාව නිරීක්ෂණය කොට ඇත. ඒ අනුව නාවික හමුදා යාත්‍රාව මඟින් අදාල සැක කටයුතු යාත්‍රාව පරික්‍ෂා කිරීමට කටයුතු කර තිබෙනවා. එහිදී නීති විරෝධී ලෙස මුහුදු මඟින් මන්නාරම ‍පේසාලේ ප්‍රදේශයේ සිට ඉන්දියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ නයිජිරියානු ජාතිකයින් හතර දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
 

අත්අඩංගුවට ගත් නයිජිරියානු ජාතිකයින්ගේ වසය අවුරුදු 26, 27, 32 සහ 42 ක් වන අතර ශ්‍රී ලාංකීක ජාතිකයින් දෙදෙනා මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචි වසය අවුරුදු 20 සහ 23 ක් වන පුද්ගලයින් බව හඳුනාගෙන ඇත. 

අත්අඩංගුවට ගත් පුද්ගලයින් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.