ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් වාර්ශිකව පිරිනමන ටෙස්ට් ශූරතාවලි සෙංකෝලය මෙවරත් දිනා ගැනීමට ඉන්දියාව සමත්ව තිබෙනවා.
ඒ ඉකුත් වසරේ අපේ‍්‍රල් මස 01වැනිදා සිට මේ දක්වා වු වර්ෂයක කාලයකදී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් සටහනේ පළමු ස්ථානය හිමිකර ගනිමින්.
ටෙස්ට් ශූරතා සෙංකෝලය සමග ඉන්දියානු කි‍්‍රකට් කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක්ද පිරිනැමනු ඇති.
ඉන්දියාව ජගත් ටෙස්ට් ශූරතා සෙංකෝලය අඛන්ඩව දිනාගත් තුන්වන අවස්ථාවද මෙය වනවා. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැන පසුවු නවසීලන්ත කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂ 05ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට නියමිතයි.