Wednesday, May 1, 2024

General line - 0115112241

රට පුරා සෞඛ්‍ය සේවකයින් 60,000ක් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක

ලහිරු කපුගේ




හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන් සම්බන්ධ සෞඛ්‍ය සේවකයින් අද (08) දිනයේ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා වෘත්තීය සමිති 16ක සෞඛ්‍ය සේවකයින් 60,000ක් පමණ එක්වෙනු ඇති.

අද උදෑසන 07.00 සිට මධ්‍යම රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල මෙන්ම පළාත් රෝහල්වල ද මෙම සංඛේත වැඩවර්ජනය සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ.

මෙලෙස හදිසි වර්ජනයකට හේතුවූ කරුණු පිළිබඳ නෙත් නිවුස් හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රියගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ ශ්‍රේණිගත උසස්වීම් ලබා නොදීම, වැටුප් ගැටළුවක් ඇතුළු ඉල්ලීම් 10ක් මුල්කර ගනිමින් මෙම  ක්‍රියාමාර්ගය ගත් බවයි. මෙම ඉල්ලීම් පිළිබඳව වසර 04ක් තිස්සේ සාකච්ඡා කළ බවද පෙන්වා දුන්නා. විසඳුමක් නොලැබීම තුළ වර්ජනයකට පිවිසි බවයි පැවසුවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද මෙම වර්ජනයට සහභාගී වන බවයි. මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

කෙසේවෙතත් රිජ්වේ ආර්යා ළමා රෝහල, ද සොයිසා කාන්තා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල සහ පිළිකා රෝහලේ මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ. වර්ජනය ක්‍රියාත්මක වන කාලයේ අත්‍යාවශ්‍ය සහ හදිසි සේවා ක්‍රියාත්මක කරන බවයි වෘත්තීය සමිති ප්‍රකාශ කළේ.