Thursday, May 2, 2024

General line - 0115112241

දරුවන්ට මතින් නිදහස් රටක් උරුම කරදීමට එක්වන්නැයි ජනපතිගෙන් ඇරයුම්




ජාතික අපේක්ෂාවන් සම්පුර්ණ කර ගැනීමට මෙම අලුත් අවුරුද්දේදී සියලුදෙනා එක්සිත්ව අධිෂ්ඨානයෙන් යුතුව පෙළගැසිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ගතවු කාලය තුළ මෙන්ම ඉදිරියේදීද ජනතාව වෙනුවෙන් තවත් සේවාවන් රැසක් ඉටු කිරීමට සැලසුම් කර ඇති බවයි සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පුණ්‍ය කාලයේදී නුවරඑළිය මාගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වල නිරත වුණා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, අලුත් අවුරුදු සමරන ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, ශ්‍රී ලාංකික ජන සමාජය සමග මුසුවී ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය උදෙසා දායක විය හැකි ආකාරය සොයා බලන ලෙසයි. ආකල්පමය පරිවර්තනයක් ශ්‍රී ලාංකික ජන සමාජයේ ඇති කළ යුතු අතර එය අනෙකාගෙන් බලාපොරොත්තු වීමට පෙර තමනගෙන් පටන් ගත යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දේන්නේ. ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය, 
ශ්‍රී ලාංකිකයින්ගේ මානුෂික ගරුත්වය සහ සුබ අනාගතය රඳා පවතින්නේ මෙම ආකල්පමය පරිවර්තනය සමග බවද මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

පෘථීවි තලයේ සමස්ත ජීවයේම පැවැත්ම සුර්යා කේන්ද්‍ර කරගෙන පවතින්නේ යන යථාර්තය දුර අතීතයේ සිටම අවබෝධ කරගත් මුතුන් මිත්තන් එම විශ්වාස පදනම් කරගත් වත් පිළිවෙත් ඉටුකළ බව කථානායක කරු ජයසුරිය මහතා පවසනවා. එම අනන්‍යතාවන් මූර්තිමත් කෙරෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සාමාජීය වශයෙන් වැදගත්කම් රැසක් ජනිත කරන බවයි සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කථානායකවරයා පෙන්වා දෙන්නේ.
මේ අතර සිංහල හා දෙමළ අවුරුද්ද වෙනුවෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතාද ජනතාවට සුභ පැතුම් එක්කළා.