Sunday, May 5, 2024

General line - 0115112241

අලුත් අවුරුදු හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය උදාවෙයි (UPDATE)

සජිත් තිලකරත්න




සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය සඳහා සුභ නැකත අද (17) පූර්වභාග 07.40ට එළඹුණා.  නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොලොං පත් ද තබා, පළාවන් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ‍්‍ර නානු ද, තෙල් ද ගා ස්නානය කළ යුතු බවයි අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන්ව තිබුණේ. 

 

-------------------------------------------

අලුත් අවුරුදු හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය තවත් සුළු මොහොතකින්

(17-04-2019 07:31)

 

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය සඳහා සුභ නැකත අදට (17) යෙදී තිබෙනවා. අද පූර්ව භාග 07.40ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොලොං පත් ද තබා, පළාවන් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ‍්‍ර නානු ද, තෙල් ද ගා ස්නානය කළ යුතු බව අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන්. 

නෙත් එෆ්. එම්. රේඩියෝව ද අද හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය සුභ නැකැතින් ඉටු කරනවා. ඒ, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදීයි.

කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ ද අද හිස තෙල් ගෑමේ චාරිත‍්‍රය සුභ නැකැතින් ඉටු කෙරෙනවා. එම විහාරස්ථ තරුණ සංගමයේ සභාපති, දායක සභාවේ ප‍්‍රධාන සංවිධායක දයානන්ද සිල්වා සඳහන් කළේ මෙම චාරිත්‍රය ඉටු කිරීම සඳහා විශාල පිරිසක් සහභාගී වෙනු ඇති බවයි. 

හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය අද පැවැත්වෙන්නේ කලූතර බෝඹුවල ශ‍්‍රී සුබෝධි රාජාරාම මහා විහාරයේදීයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව මෙම උත්සවය සංවිධාන කෙරෙනවා.