Sunday, May 5, 2024

General line - 0115112241

මදූෂ්ගේ සුපිරි මන්දිර 03 සමග තවත් වත්කම් පිළිබඳව තොරතුරු හෙළිවෙයි

හේමන්ත කහවලගේ




සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකදුරේ මඳූෂ්ට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ සුපිරි මන්දිර 3 ක් ඇතැයි අනාවරණ වී තිබෙනවා. එමෙන්ම එරට රජය මගින් පාලනය කරන විශාල ප‍්‍රමාණයේ ඉන්ධන පිරවුම් හලක කොටස් ද මාකදුරේ මදූෂ්ට හිමි බවයි, හෙළිවී ඇත්තේ. 

මාකදුරේ මදූෂ්ට ඩුබායිහි ආයෝජන වීසා ඇති බවද, අනාවරණ වී තිබෙනවා. ඔහු මෙලෙස ආයෝජන වීසා ලබා ගෙන ඇත්තේ අජිත් අරංග වර්ණකුලසූරීය යන නමින්. ඩුබායිහි ආයෝජන වීසා ක‍්‍රමය හදුන්වා දුන්නේ 2012 වසරේ සිටයි. විදේශිකයින්ට පමණක් එම පහසුකම හිමි වුණා. ඩුබායිහී ආයෝජන වීසා ලබා ගැනීමට, අදාල විදේශිකයා සතුව අවම වශයෙන් ඩිරාම් ලක්ෂ 10 ක් හෙවත් රුපියල් ලක්ෂ 400 කට වැඩි වත්කම් තිබිය යුතුයි.

එමෙන්ම අදාල පුද්ගලයා ඩුබායිහි ආයෝජනය කළ යුතු බවද සඳහන්. කෙසේ වෙතත් කිසියම් හෝ විදේශිකයෙකුට ඩුබායිහි ආයෝජන වීසා හිමි වුවද, ඔහුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා නොලැබෙන බවයි වාර්තා වන්නේ.