Sunday, May 5, 2024

General line - 0115112241

CID පිළිබඳ පොලිස්පතිගේ ඉල්ලීමක් පොලිස් කොමිසම ඉවත දමයි




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති බී. ආර්. එස්. ආර්. නාගහමුල්ල එම තනතුරෙන් ඉවත් කරන ලෙසට පොලිස්පතිවරයා කළ ඉල්ලීමක් ජාතික පොලිස් කොමිසම ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග පැවසුවේ අවස්ථා 03කදී ලිඛිතව පොලිස්පතිවරයා මෙම ඉල්ලීම් කර ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ අධ්‍යක්‍ෂවරයෙකු මේ වනවිටත් සිටින බැවින් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඊට අවශ්‍ය නොවන බවයි පොලිස්පතිවරයා එමගින් දන්වා තිබුණේ.

එහෙත්, එම යෝජනාව ජාතික පොලිස් කොමිසම ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

 

(විශේෂ වාර්තාකරුවෙකුගෙන්)