Sunday, May 5, 2024

General line - 0115112241

පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය පොලිස්පති ධූර 08ක් කඩිනමින් පිරවේ

හේමන්ත කහවලගේ




පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය පොලිස්පති ධූර 08ක් කඩිනමින් සම්පූර්ණ කිරීමට ජාතික පොලිස් කොමිසමේ අවදානය යොමුව තිබෙනවා.

ඒ සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරිවරයෙකු නියෝජ්‍ය පොලිස්පතිධූරයට පත්වීම සඳහා වසර 05ක සේවා කාලයක් සම්පූර්ණ කළ යුතුයි. ඒ අනුව සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ සෙසු සුදුසුකම් සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා. අදාළ සම්මුඛ පරීක්ෂණ පොලිස් කොමිසම විසින් සිදු කරනු ඇති.