Sunday, May 5, 2024

General line - 0115112241

ගෝඨාට එරෙහි නඩුවක් අමෙරිකාවේදී ෆෙඩරල් විනිසුරුවරයෙකු විවෘත කරයි

හේමන්ත කහවලගේ




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අමෙරිකානු අධිකරණයක ගොනු කෙරුණු නඩුවක් එරට ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් විවෘත කර තිබෙනවා.

‘‘ද සෙන්ටර් ෆෝ ජස්ටිස් ඇන්ඞ් අකවුන්ටබිලිටි’’ හෙවත් යුක්තිය සහ වගවීම සඳහා වන මධ්‍යස්ථානය පවසන්නේ අමෙරිකානු දිසා අධිකරණයේ විනිසුරුවරයෙකු විසින් මෙම නඩුව විවෘත කළ බවයි. 

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික‍්‍රමතුංග විසින් ඉකුත් 04 වැනිදා නඩුව පවරනු ලැබුවා.