Sunday, May 5, 2024

General line - 0115112241

බෙලිඅත්ත සහ කන්කසන්තුරේ අතර දෛනික දුම්රිය සේවයක්

සජිත් තිලකරත්න




බෙලිඅත්ත සහ කන්කසන්තුරේ අතර දෛනික දුම්රිය සේවයක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් වනවා.

ඒ පිළිබඳ කරුණු දක්වන දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න කියා සිටියේ ඊට අවශ්‍ය සියලු බලවේග කට්ටල මෙම මස අවසානයේ පැමිණෙන බවත් ඉන් පසු මෙම දුම්රිය සේවාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

මුලින් මාතරට පමණක් සීමා වී තිබූ දුම්රිය ධාවනය බෙලිඅත්ත දක්වා දීර්ඝ කෙරුණේ ඉකුත් 06 වැනිදායි. බෙලිඅත්ත සහ කන්කසන්තුරේ අතර දුම්රිය සේවයක් දැනට සති අන්තයේ පමණක් කි‍්‍රයාත්මක වනවා.