Monday, May 6, 2024

General line - 0115112241

රාජ්‍ය ආයතන කිහිපයකට නියෝගයක්

අධිකරණ වාර්තාකරු




ආබාධිත පුද්ගලයන්ට පහසුවෙන් රාජ්‍ය ආයතන වෙත ප‍්‍රවේශවීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) රාජ්‍ය ආයතන කිහිපයකට නියෝගයක් නිකුත් කළා.

ඒ, ආබාධිත තත්ත්වයෙන් පසුවන ආචාර්ය අජිත් පෙරේරා නැමැත්තා විසින් ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින්.

ප‍්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප‍්‍රනාන්දු යන ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම විභාග කෙරුණා.