Monday, April 29, 2024

General line - 0115112241

ඩෙංගු අවදානමක් - පාසල් වාරය ඇරඹීමට පෙර පාසල් පිරිසිදු කිරීමට උපදෙස්

ඩිල්ෂාන් මඩවල/ලහිරු කපුගේ




ලබන සදුදා පාසල්වල දෙවන අධ්‍යයන වාරය ආරම්භ කිරීමට පෙර පාසල් පරිශ‍්‍ර පිරිසිදු කිරීමට කටයුතු කරන්නැයි නැවත සිහි කැදවීමක් කෙරෙනවා. මේ, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර.

මේ දිනවල පවතින කඩින් කඩ වැසි තත්ත්වය මදුරුවන් බෝවීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරන බවද මෙහිදී සිහිපත් කෙරුණා. ඒ නිසා තමන්ගේ පෞද්ගලික පරිශ‍්‍රද මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කර පිරිසිදු කරන ලෙසයි වෛද්‍ය ප‍්‍රශිලා සමරවීර මහජනතාවගේ ඉල්ලා සිටියේ.

මෙම වසරේ මේ දක්වා කාලයේදී හදුනාගෙන ඇති මුළු ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 13,500 ක්.