Monday, April 29, 2024

General line - 0115112241

මළසිරුරු මාරු වී කළුතර රෝහලේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය ගැන පරීක්‍ෂණයක්




කළුතර මහ රෝහලේදී මළසිරුරු 5 ක් ඥාතීන් වෙත භාරදීමේදි සිරුරු මාරු වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්‍ෂණයක් පවත්වන්නැයි අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට උපදෙස් දි තිබෙනවා.

මෙම වරද ඊයේ (18) පස්වරුවේ සිදුව ඇති අතර එහිදී නොසන්සුන්කාරී තත්ත්වයක්ද රෝහලේ ඇති වූ බවයි වාර්තා වන්නේ. වරද සිදුව ඇත්තේ කිසියම් සෞඛ්‍ය සේවකයෙකු අතින් නම් ඒ පිළිබද විනය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.