Monday, April 29, 2024

General line - 0115112241

කුමන වනෝද්‍යානයේ දිවියන් බහුලව සැරිසරන ප්‍රදේශ සංචාරකයන්ට තහනම් කෙරේ

සමන්ත කුමාර




කුමන ජාතික වනෝද්‍යානයේ දිවියන් බහුලව ගැවසෙන ප්‍රදේශ සංචාරකයන්ට තාවකාලිකව තහනම් කර තිබෙනවා. වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරියබණ්ඩාර පැවසුවේ එම වනෝද්‍යානය තුළදී දිවියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු මිය යෑමේ සිද්ධිය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඊයේ (18) සිදු වූ මෙම පහර  දීමෙන් ජීවිතක්ෂයට පත්වුනේ වනෝද්‍යානයේ සංවර්ධන ව්‍යාපෘතියක සේවය කරන කම්කරුවෙක්. එහිදි තුවාල ලැබූ තවත් අයෙකු අම්පාර මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.