Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රීපාදය වන්දනා කිරීමට විශාල පිරිසක් (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




සිංහල-හින්දු අලුත් අවුරුද්ද අවසන් විමත් සමගම එළැඹි සති අන්ත දිර්ඝ නිවාඩුවට ශ්‍රීපාදය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් ඊයේ (18) සිට පැමිණෙමින් සිටින බව නල්ලතන්නිය පොලිසිය සඳහන් කර සිටියි.

ශ්‍රීපාද වන්දනාකරුවන් පැමිණි වාහන නල්ලතන්නියේ සියළුම රථ ගාල්වල ගාල් කර සෙසු වාහන නල්ලතන්නිය මංසන්ධියේ සිට රිකාටන් දක්වා කිලෝමීටර් 4ක් පමණ දුරට මාර්ගයේ එක් පසක ගාල් කිරීමට සිදුවූ බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කර සිටියේ.

මිට අමතරව ශ්‍රීපාද වන්දනා කිරීම සඳහා දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා හැටන් ලංගම ඩිපෝව මගින් දිවා රාත්‍රි දෙකේම ලංගම බස් රථ ගණනාවක් ධාවනයට එක් කර ඇති අතර මෙයට සමගාමිව පෞද්ගලික බස් රථ ගණනාවක්ද ධාවනයට එක් කර ඇති බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක් දියත් කර ඇති බවයි නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ලක්සිරි ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.