Sunday, April 28, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවට ජාතික ලයිස්තු මන්ත්‍රීවරු තෝ‍රා ගැනීමේදි නව නීති

ලහිරු කපුගේ




පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් මන්තී‍්‍රවරුන් තෝරා ගැනීමේදී බලපාන නව නීති සම්මත කර ගැනීම සඳහා මාර්තු 12 ව්‍යාපාරය කථිකාවතක් ආරම්භ කර තිබෙනවා. 

එම සංවිධානයේ සාමාජික පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ පසුගිය කාලසිමාව සලකා බැලීමේදී ජාතික ලැයිස්තුවෙන් මන්තී‍්‍රවරුන් පත් කර ගැනීමේ අරමුණු ඉටු වී නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ වෘත්තීයවේදින් දැනුවත් කිරීමේ වැඩසටහනක් එළඹෙන අගහරුවාදා කි‍්‍රයාත්මක කරන බවද, පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂවරයා පෙන්වා දුන්නා.