Sunday, April 28, 2024

General line - 0115112241

නව සන්ධානයක් ගැන බලාපොරොත්තු අත්හැර නොමැති බව ශ‍්‍රීලනිපය සහ පොහොට්ටුව කියයි

සමන්ත කුමාර/ලහිරු කපුගේ




නව සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. 

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම කියා සිටියේ දෙපාර්ශවය අතර පරස්පර මත පැවතුන ද අවසන් වශයෙන් එකගතාවකට පැමිණීමට හැකි වනු ඇති බවයි. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද එම සාකච්ඡා සාර්ථක වනු ඇතැයි අපේක්ෂා කරන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න නෙත් නිවුස් කළ කරුණු විමසීමේදී කියා සිටියේ.