Sunday, April 28, 2024

General line - 0115112241

නිධන් හොරු 6ක් හොරොව්පතානේදි කොටු




පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැනීම් කරමින් සිටි සැකකරුවන් 06දෙනෙකු හොරොව්පතාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, දුටුවැව කපුගොල්ලෑව ප‍්‍රදේශයේදීයි. ඊයේ රාතී‍්‍ර 11 ට පමණ අදාළ ස්ථානයේ කැනීම් සිදු කරන බවට ලද තොරතුරක් අනුව හොරොව්පතාන පොලීසියේ නිලධාරීන් කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා. 

එම සැකකරුවන් පොළොන්නරුව, දඹුල්ල හා දුටුවැව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණ වී ඇත්තේ. ඔවුන් අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.