Sunday, April 28, 2024

General line - 0115112241

ඉල්ලීමක් ලැබුනොත් එජාප ජනපති අපේක්ෂකත්වය භාර ගැනීමට සුදානම් - කතානායක කරූගෙන් විශේෂ ප්‍රකාශයක්

කමල් සුරවීර, හේරත් එක්නායක




එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි පොදු ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳ සලකා බලන බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. 

දෛවය අනුව තමන්ට පැවරෙන  ඕනෑම වගකීමක් දැරීමට සූදානම් බවයි මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කතානායකවරයා කියා සිටියේ.

අප පෙරවරුවේ මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කතානායකවරයා එම අදහස් පළ කළා. 

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සහ අමාත්‍ය රවී කරුණානායක අතර හට ගෙන ඇති මතගැටුම් සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් කතානායකවරයාගෙන් විමසීමක් කළා.