Thursday, May 16, 2024

General line - 0115112241

දේවස්ථාන දෙකක පිපිරීම් දෙකක්

ඉෂාර සුපෙම් මානගේ




කොළඹ දේවස්ථානයක පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වෙනවා.

කොළඹ කොටහේන ප්‍රදේශයේ කොච්චිකඩේ දේවස්ථානයේ යම් පිපිරීමක් සිදුව ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

මේ අතර කටාන කටුවපිටිය දේවස්ථානයේත් පිපිරීමක් සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම පිපිරීම් දෙකෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් සඳහන්.

කොළඹ හෝටලයක් ආශ්‍රිතවද යම් පිපිරීම් සිද්ධියක් වාර්තා වෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.