Monday, April 29, 2024

General line - 0115112241

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

දිනුක් හේවාවිතාරණ




කොළඹ සහ මඩකලපුවේ සිදුව ඇති පිපිරීම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. මෙහිදී සිදුව ඇති ඛේදජනක තත්ත්වය සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවත් ආරක්ෂක අංශ විසින් සිදුව ඇති සිදුවීම් සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශන ආරම්භ කර ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය පහතින් :

සිදුවී ඇති මහා බරපතළ ඛේදවාචකය සම්බන්ධයෙන් මම දැඩි සේ කම්පනයට පත්ව සිටිමි. කිසිසේත් බලාපොරොත්තු නොවූ සිදුවීමක් සිදුවීම පිළිබදව මා මෙන්ම ලක්වාසී ජනතාව දැඩි සේ වේදනාවට හා කම්පනයට පත්ව සිටින අවස්ථාවක් බව දනිමි.

මෙම සිදුවීම පිටුපස ඇත්තේ කුමනා ආකාරයේ කුමන්ත්‍රණයක් බවද පැහැදිලිව සොයා බැලීම සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියි.

මෙම පරීක්ෂණ සඳහා රටේ ජනතාවගේ සහයෝගය බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ. මෙම පරීක්ෂණ සිදුකිරීම සඳහා රජයට අවශ්‍ය සහය ලබා දෙන ලෙසත් අසත්‍ය පුවත් සහ කටකතා පැතිරවීමෙන් වලකින ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියා.