Sunday, May 5, 2024

General line - 0115112241

නල ජලයට වස දමා ඇති බවට පැතිර යන ප්‍රකාශ ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක් 

ඉෂාර සුපෙම් මානගේ




කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක නල ජලයට වස මුසු කර ඇති බවට සමාජජාල මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වෙමින් පවතිනවා.

nethnews.lk වෙත ඇමතූ බොහෝ පිරිසක් කියා සිටියේ කොළොන්නාව ආශ්‍රිත ජල ටැංකියකට මෙලෙස වස මුසු කර ඇති බවට රාවයක් පවතින බවයි. තවත් පිරිසක් කියා සිටියේ කැළණිය ප්‍රදේශයේ පොලිස් රථ මගින් පානීය ජලයට වස මුසු කර ඇති බවට නිවේදනය කරමින් යන බවට පැවසෙන බවයි.

මේ සම්බන්ධයෙන් nethnews.lk පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් විමසීමක් කළ අතර එහිදී කැළණිය පොලිසියේ ස්ථානාධිපතිවරයා සම්බන්ධ කර ගනිමින් අදාළ සිද්ධිය ගැන විමසා සිටියා. එහිදී කැළණිය පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කර සිටියේ එම තොරතුර අසත්‍ය එකක් බවයි.

මේ අවස්ථාවේ විවිධ පිරිස් විවිධ කරුණු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකරමින් ඇති බවත් ඒ පිළිබඳව ජනතාවට විමසිලිමත්වන ලෙසත් දන්වා සිටියා.

කිරිබත්ගොඩ, ජාඇල, කැළණිය ආදී ප්‍රදේශවල මෙම අසත්‍ය ප්‍රචාර පැතිරෙමින් ඇති බවයි පොලිසිය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

මේ අතර ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය ද නිකුත් කළ නිවේදනයක් පහතින් දැක්වෙයි.