Saturday, May 4, 2024

General line - 0115112241

මන්නාරමේ ගෙවත්තකින් අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවේ

දිනසෙන් රතුගමගේ




මන්නාරම, එරුක්කලම්පිටිටි, ඔළුතුඩුවායි ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ ගෙවත්තක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මන්නාරම පොලීසිය විසින් අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ගෙහිමියා සිය ගෙවත්ත පවිත්‍ර කරන අවස්ථාවේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සගවා තිබෙනු  දැක අනතුරුව පොලීසිය දැනුවත් කොට ඇති බවයි අප නෙත් නිව්ස් වාර්තාකරු සදහන් කර සිටියේ.
 
ලීටර 20 ක ප්‍රමාණයේ කෑන් එකක් තුළ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා බෝම්බ පිපිරවීමට යොදාගන්නා උපකරණ මෙලෙස සොයාගෙන ඇති අතර සොයාගත් පුපුරණ ද්‍රව්‍ය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් විසින් නිෂ්ක්‍රිය කිරීමට නියමිතය. 

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි