Sunday, May 5, 2024

General line - 0115112241

අමල් පෙරේරා ඇතුළු 06ක් අද අලුයම කටුනායකට එයි




ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද ගායක අමල් පෙරේරා ඇතුළු 06 දෙනෙකු අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

UL - 226 දරන ගුවන් යානයෙන් අද අලුයම 5.00ට පමණ මෙම පිරිස පැමිණ ඇති අතර ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ප්‍රබල අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන මාකදුරේ මදූෂ් විසින් සංවිධානය කරන ලද උපන් දින සාදයකට සහභාගීවීම සඳහා ඩුබායි වෙත ගොස් සිටියදී, එරට පොලීසිය මගින් අමල් පෙරේරා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන පරීක්ෂණ සිදු කෙරුණා.

අදාළ විමර්ශනවලින් පසුව මෙලෙස මීට පෙරද කොටස් වශයෙන් පිරිස් පිටුවහල් කර තිබුණා.