Sunday, May 5, 2024

General line - 0115112241

පාකිස්ථානු ජාතිකයින් 06ක් මීගමුවේදී අත්අඩංගුවට




මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ලෙ ප්‍රදේශයේ දී මීගමුව පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වයස අවුරුදු 24ක් වූ පාකිස්ථානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැදී සිටීම හේතුවෙන්.

මේ අතර මීගමුව ඇඩ්නිවුස් පාර ප්‍රදේශයේදීද ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැදී සිටී තවත් පාකිස්ථානු ජාතිකයින් 05 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (22) දහවල් මෙම මෙහෙයුම් සිදු කර ඇති අතර මෙම පිරිස 18, 23, 25 යන වයස් කාණ්ඩවල පුද්ගලයින් බවයි අනාවරණය වී ඇත්තේ.