Sunday, May 5, 2024

General line - 0115112241

සුදු කොඩියක් ඔසවා තබන ලෙස ඉල්ලීමක්

ඩිල්ෂාන් මඩවල/හර්ෂිකා සංජීවනී




අද (23) ජාතික ශෝක දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසන්නේ මීට අදාළ චක‍්‍රලේඛ ඊයේ (22) නිකුත් කෙරෙනු බවයි.

සෑම නිවසකම සහ වාහනයකම සුදු කොඩියක් ඔසවා තබන ලෙස ද, අද සවස 06.15ට සෑම නිවසකම පහනක් දල්වන ලෙස ද, මහජනතාවගෙන් මෙහිදී ඉල්ලීමක් කෙරුණා. 

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන එම අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි කියා සිටියේ "රජය අද දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ අනුව පෙරවරු 8.30 සිට විනාඩි 3ක නිශ්ශබ්දතාවයක් පවත්වා මිය ගිය ජනතාවට ශෝකය ප්‍රකාශ කිරීමට කරයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා" යනුවෙනි.

මේ අතර මීගමුව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවාස්ථානයේ සිදුවු පිපිරීමෙන් මියගිය පුද්ගලයින් පිරිසකගේ අවසන් කටයුතු අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත තිබෙනවා. ඒ කොළඹ අගරදගුරු ගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන්. 

අද පස්වරුවේද මිය ගිය පුද්ගලයින් පිරිසකගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා.