Sunday, May 5, 2024

General line - 0115112241

හදිසි කැඳවීමක් ලෙස පාර්ලිමේන්තුව අද රැස්වේ

ඩිල්ෂාන් මඩවල




පාර්ලිමේන්තුව අද (23) දහවල් 1.00 ට රැස් වනවා.

මෙම පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන්නේ හදිසි කැඳවීමක් ලෙසයි.  

කෙසේවෙතත් දහවල් 1.00 සිට 2.00 දක්වා පැයක කාලයකට පමණක් රැස්වීම සීමාවනු ඇති. අග‍්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ විශේෂ ප‍්‍රකාශ සඳහා එහිදී අවස්ථාව ලබා දීමට ඊයේ (22) රැස්වූ පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා. 

හදිසි නීතියට අදාළ රෙගුලාසි පිළිබඳ ගැසට් පත‍්‍රය ද පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. හෙට දිනයේදී පාර්ලිමේන්තුව නැවත කැඳවා ඒ පිළිබඳ විවාද කිරීමට ද තීරණය වී තිබෙනවා.

මීට අමතරව ලබන සිකුරාදා පස්වරු 03.00ට සියලු ආගමික සහ දේශපාලන නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් පාර්ලිමේන්තුවේදී කැඳවීමට ද පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණු බවයි කතානායක කාර්යාලය පැවසුවේ.