Sunday, April 28, 2024

General line - 0115112241

මාවනැල්ලේ බුදුපිළිම කැඞීමේ සිද්ධියේ සැකකරුවන් 13 දෙනා යළි රිමාන්ඩ් (PHOTOS)

සමන් විජය බණ්ඩාර




මාවනැල්ලේ බුදුපිළිම කැඞීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 13දෙනා මැයි මස 20වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (06) නියෝග කෙරුණා.

ඒ, ඔවුන් මාවනැල්ල දිසා මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ගම්පොළදි අත්අඩංගුවට ගත් බුදුපිළිම කැඞීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනා තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන ප‍්‍රශ්ණ කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

සැකකරුවන් බන්ධනාගාරයේ සිට අධිකරණයට රැගෙන එන අවස්ථාවේ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.