Thursday, May 2, 2024

General line - 0115112241

මව්ලවිගේ තොරතුරු වලින් තවත් අයෙක් අත්අඩංගුවට

හේමන්ත කහවලගේ




ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ තවත් සාමාජිකයෙකු අනුරාධපුර හොරව්පතාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකපිට තවත් පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු සහ කාන්තාවක් ද එහිදී අත්අඩංගුට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඔවුන් පිළිබද තොරතුරු ලැබී ඇත්තේ මීට දින කිහිපයට පෙර අත්අඩංගුවට ගැනුණු නියාස් නැමති මවුලවීවරයෙකුගෙන්. වලදමා තිබූ හාඞ් ඩිස් 3 ක්, සැක සහිත සංයුක්ත තැටි 46 ක් සහ කඩුවක්ද මෙහිදි සොයාගෙන තිබෙනවා. 

මීට පෙර අත්අඩංගුවට ගැණුනු නියාස් මවුලවීවරයා හොරෙව්පතාන මුක්කරවැව ප්‍රදේශයේ අරාබි පාසලක් පවත්වා ගෙනගිය අයෙක්. විවිධ වර්ගයේ රබර් මුද්‍රා 35 ක් ද ඔහු සන්තකයේ තිබී සොයා ගැනුණා. මෙම මවුලවීවරයා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රාදේශිය නායකයෙකු ද බවයි විමර්ශනවලින් හෙළිව ඇත්තේ.