Thursday, May 2, 2024

General line - 0115112241

ගාල්ලේ නිවසක බලපත්‍ර නොමැති හමුදා නිල ඇඳුම් ගබඩාවක්

හේමන්ත කහවලගේ / එම්.එම්.පී.ජී පෙරේරා




ගාල්ල, තලාපිටිය තක්‍යා පාරේ නිවසක තිබී හමුදා නිල ඇඳුම් තොගයක් අද සොයා ගැනුණා. යුද හමුදා නිල ඇඳුම් 129 ක්, ගුවන් හමුදා නිල ඇඳුම් 20 ක්, නාවික හමුදා නිල ඇදුම් 14 ක් සහ යුද හමුදාව භාවිත කරන හිස් වැසුම් 69 ක් ඒ අතර වන බවයි පොලීසිය පවසන්නේ. 

ගාල්ල, සමුද්‍ර වීදියේ වෙළඳ සැලක තිබී යුද හමුදා නිල ඇඳුම් 250 ක් ඊයේ සොයා ගැනුණා. ඒ සමග එම වෙළඳ සැලේ හිමිකරු බව කියන මොහොමඞ් සකීර් මොහොමඞ් සාමීල් නමැත්තෙකු ද ඊයේ අත්අඩංගුවට ගැනුනු අතර අද පරීක්ෂාවට ලක්කර ඇත්තේ ඔහුගේ නිවසයි. අදාල හමුදා නිල ඇදුම් තොගය ගම්පහ රණවිරු ඇපරල් ආයතනයෙන් තමන් ලබාගත් බව ද ප්‍රශ්න කිරීම් වලදී ඔහු ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් හමුදා නිල ඇඳුම් සන්තකයේ තබා ගැනීමට ඔහුට කිසිදු බලපත්‍රයක් නොමැති බවයි විමර්ශන වලින් තහවුරු කරගන ඇත්තේ.

මේ අතර කහටගස්දිගිලිය ඊතල්වැටුනවැව ගම්මානයේ සිදු කෙරුණු සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා නිල ඇඳුම් වලට  සමාන ඇඳුම් තොගයක්  හමුවී තිබෙනවා. පුපුරන ද්‍රව්‍ය සහ සැක සහිත ආගමික ලේඛන කිහිපයක් ද එහිදී හමු වී තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාාකරු පවසන්නේ. අංක තහඩු නොමැති යතුරු පැදියක් ද හමු වී තිබෙනවා.