Sunday, April 28, 2024

General line - 0115112241

සහරාන් හෂීම්ගේ තවත් සැලසුමක් වාලච්චේනෙන් හමුවෙයි (PHOTOS)

වසන්ත චන්ද්‍රපාල




ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් හෂීම් විසින් පුහුණු කඳවුරක් පවත්වාගෙන යාමට සැලසුම් කල ස්ථානයක් ආරක්ෂක අංශ අද සොයා ගත්තා. ඒ වාලච්චේන රිදීතැන්න ඔමිනියාමඩු ප්‍රදේශයේදීයි. මෙම ඉඩමේ හිමිකරු බව කියන පුද්ගලයාද ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනුණා.

පී වී සි නළ දෙකක් තුළ සගවා තිබූ ජෙලට්නයිට් කූරු 236 ක් සහ ඇසිට් පිරවූ බූලියක් ද එහිදී සොයා ගැනුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. දැනටමත් එහි ගොඩ නැගිල්ලක් ඉදිකර තිබෙන අතර තවත් ඉදිකිරීම් සඳහා අමුද්‍රව්‍ය රුගෙනවිත් තිබුණු බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. අත්අඩංගුවට ගත් ඉඩමේ හිමිකරු පවසා ඇත්තේ එහි භූගත බංකර ඉදිකිරීමට ද සැලසුම්කර තිබුනු බවයි. 

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් හෂීම් විසින් පවත්වාගෙන ගිය පුහුණු කඳවුරක් මීට පෙර කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයෙන් සොයා ගැනුණා. ඔහු විසින් පවත්වාගෙන ගිය තවත් පුහුණු කඳවුරක් නුවරඑළිය බ්ලැක්ෆූල් ප්‍රදේශයේදී අද සොයාගත්  බවයි පොලීසිය පැවසුවේ. මෙම පුහුණු කඳවුරේ 38 දෙනෙකු පුහුණුව ලබා ඇතැයි ද ඒ සඳහා ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් හෂිම් ද සහභාගී වී ඇතැයි ද සඳහන්.