Sunday, April 28, 2024

General line - 0115112241

IS සබඳතා ඇති බවට සැකපිට දෙදෙනෙක් කොළඹ ටොරින්ටන් මාවතේ නිවසකදී අල්ලයි

හේමන්ත කහවලගේ




අයි. එස්. සංවිධානයට සම්බන්ධතා ඇතැයි සැකකෙරෙන තවත් දෙදෙනෙකු කොළඹ ටොරින්ටන් මාවතේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා සහෝදරයන් බවයි මූලික විමර්ශනවලින් හෙළිව ඇත්තේ.

අයි එස් කි‍්‍රයාකාරකම්වලට සම්බන්ධව සිට අමෙරිකානු ගුවන් ප‍්‍රහාරයකින් සිරියාවේදී මියගිය ශී‍්‍ර ලාංකිකයාට කරාතේ පුහුණුව ලබා දී ඇත්තේ ඔවුන්ගේ පියා බවට ද මූලික විමර්ශනවලින් හෙලිවී තිබෙනවා. 

අයි. එස්. කි‍්‍රයාකාරකම්වලට සම්බන්ධව සිට සිරියාවේදී මියගිය ශී‍්‍ර ලාංකිකයා මොහොමඞ් මුහුසින් සර්ෆාස් නිලාම් හෙවත් අබු දුජානා සිලානි නැමැත්තෙක්. ඔහුගේ භාර්යාව ද සිරියාවේදී මියගොස් ඇතැයි ද ඔහුගේ දරුවන් මේ වනවිට සිරියාවේ සරණාගත කඳවුරක වෙසෙන බවද විමර්ශනවලින් හෙළිව තිබෙනවා.