Saturday, April 27, 2024

General line - 0115112241

රාමසාන් උපවාස සමය ඇරඹේ - ශබ්ද විකාශන යන්ත්‍රවල හඬ අඩු කරන්නැයි දන්වයි

ඉෂාර සුපෙම් මානගේ




රාමසාන් උපවාස කාලය ඊයේ (06) රාත්‍රියෙන් ආරම්භ කෙරුණා. 

ඒ අනුව මසක් පුරා එනම් ජුනි මස 04 වැනිදා දක්වා මෙම උපවාස කාලය පවතිනු ඇති.

එම කාලයේ මුස්ලිම් පල්ලි තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී හඬ අඩු කර භාවිතා කරන ලෙසද මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. 

පිටතට අධික ලෙස ශබ්දය නෑසෙන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර පල්ලි තුළ ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන් බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එම්. ආර්. එම්. මලික් nethnews.lk වෙත කියා සිටියේ.

මේ අතර රාත්‍රි කාලයේදී වන්දනාමාන කටයුතුවලදී කාන්තාවන්ට එම ගෙවල්වලම වතාවත් සිදු කිරීමට උපදෙස් දෙන ලෙසත් සියලුම මුස්ලිම් පල්ලිවල භාරකාරවරුන්ට සහ මවුලවිවරුන්ට දැනුම් දීමක්ද සිදු කර තිබෙනවා.