Saturday, April 27, 2024

General line - 0115112241

පාසලට ප්‍රහාරයක් එල්ල කරන බවට ලිපියක් යෑවූ සැකකරු අල්ලයි

දිනසේන රතුගමගේ




යාපනයේ  චුණ්ඩිකුලි බාලිකා විද්‍යාලයට ISIS ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට ලිපියක් එවූ පුද්ගලයා ඊයේ (06) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ISIS ලිපි ශීර්ෂයක් ලෙස පෙනී යන ආකාරයට ලිපියක් ව්‍යාජ ලෙස සකස් කොට ඒ මගින් විද්‍යාලයට ප්‍රහාරයක් එල්ල කරන බවට තොරතුරු සඳහන් කොට යාපනයේ චුණ්ඩුකුළි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වෙත ලිපියක් එවා තිබුණේ පසුගිය සතියේදීයි.

මේ පිළිබඳව විදුහල්පතිනිය යාපනය පොලීසියට පැමිණිලි කොට තිබුණා.

පොලීසිය මේ ලිපිය ඔස්සේ දැඩි විමර්ශනයක් ආරම්භ කළ අතර පාසල්වාරය නියමිත පරිදි ආරම්භ කරන ලෙසට පොලිසිය විසින් විදුහල්පතිනියටද උපදෙස් දී තිබුණා.

ඒ අනුව පොලීසිය දැඩි විමර්ශනයෙන් යුතුව පසු වෙද්දී ලිපිය එවන ලද  පුද්ගලයාද පාසල අසලට පැමිණ ඒ පිළිබඳව කිහිපදෙනෙකු සමග තොරතුරු පැවසීමේදී ලිපිය එවා ඇත්තේ ඔහු බවට හඳුනාගෙන තිබෙනවා.

යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහුව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී විශාල පිරිසක් ඔහුට පහර දීමට ද උත්සහ කර තිබෙනවා.