Monday, April 29, 2024

General line - 0115112241

අයි එස් සංවිධානයට පක්ෂ තොරතුරු බෙදාහැරී මන්ත්‍රී දින 90 ක් රඳවා ගැනීමට අධිකරණයෙන් අවසර

අධිකරණ වාර්තාකරු




අයි.එස් ත්‍රස්තවාදී සංවිධානයට පක්ෂපාතීත්වය දක්වන තොරතුරු බෙදාහැරීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර මහනගර සභාවේ මන්ත්‍රී හාජා මොහිදීන් අල් උස්මාන් සහ ඔහුගේ සහෝදරයා ඇතුළු සිව්දෙනෙකු දින 90 ක කාලයක් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වැලිකඩ පොලිසියට අද (07) අවසර ලබා දුන්නා.

ඒ, වැලිකඩ පොලිසිය සිදු කළ ඉල්ලීමට අනුවයි. ඒ අනුව සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමි වුණා.